විෂාදය

ස්ව උපකාරය, කථන ප්‍රතිකාර සහ බීමට දෙන ඖෂධ මානසික අවපීඩන තත්ත්වය ට කරන ප්‍රතිකාර වලට සාමාන්‍යයෙන් ඇතුළත් වේ. ඔබට නිර්දේශ කරන ප්‍රතිකාරය ඔබගේ මානසික අවපීඩන තත්ත්වයේ ස්වභාවය මත රඳා පවතී.

සුළු මානසික අවපීඩන තත්ත්වය

ඔබට ඇත්තේ සුළු මානසික අවපීඩන තත්ත්වයක් නම් පහත සඳහන් ප්‍රතිකාර ඔබට නිර්දේශ කරනු ඇත. මදක් බලා සිටීම- ඔබට ඇත්තේ සුළු මානසික අවපීඩන තත්ත්වයක් යැයි ඔබගේ වෛද්‍යවරයා නිගමනය කරන්නේ නම්, එය ඉබේම මගහැරී යාවි දැයි මද කාලයක් බලා සිටීමට ඔහු ඔබට යෝජනා කරනු ඇත. මෙහිදී ඔබගේ වෛද්‍යවරයා නැවත ඔබව සති දෙකකින් මුණ ගැසී, ඔබගේ ප්‍රගතිය පරීක්ෂා කරනු ඇත. මෙය අවධානයෙන් බලා සිටීම නම් වෙයි. ව්‍යායාම් කිරීම ව්‍යායාම් කිරීම මගින් මානසික අවපීඩන තත්ත්වය ට උපකාරයක් විය හැකි බවට සාධක ඇත. එසේම එය සුළු මානසික අවපීඩන තත්ත්වය ට ඇති ප්‍රධාන ප්‍රතිකාර වලින් එකකි. ඔබව කණ්ඩායම් ව්‍යායාම් පන්තියකට යොමු කරවනු ඇත. ස්ව උපකාරය- ඔබගේ හැඟීම් පිළිබඳව කතාබහ කිරීම ඔබට උපකාරයක් විය හැකි ය. ඔබට ඔබගේ මිතුරෙකුට හෝ ඥාතියෙකුට කතා කළ හැකිය. නො එසේ නම් ඔබගේ ප්‍රදේශය තුළ මානසික අවපීඩන තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට සහාය කණ්ඩායම් තිබේදැයි ඔබගේ වෛද්‍යවරයාගෙන් හෝ ඔබගේ මානසික උපදේශක වරයාගෙන් අසා දැන ගත හැකිය.

සුලු මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා වර්ධනය වන මානසික අවපීඩන තත්ත්වය

ඔබට ඇත්තේ, සුලු මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා වර්ධනය වන සුවයක් දක්නට නොමැති මානසික අවපීඩන තත්වයක් නම් හෝ, මධ්‍යම මට්ටමේ මානසික අවපීඩන තත්වයක් නම් ඔබට කථන ප්‍රතිකාර උපකාරයක් විය හැකිය. ප්‍රජානන චර්යා ප්‍රතිකාර සහ උපදේශන ප්‍රතිකාර වැනි, විවිධ වර්ගයේ කථන ප්‍රතිකාර මානසික අවපීඩන තත්ත්වය සඳහා ඇත. ඔබගේ වෛද්‍යවරයාට ඔබව කථන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකි ය. එසේත් නැතිනම් ඔබටම මානසික චිකිත්සා සේවයක් සඳහා යොමුවිය හැකිය.

මධ්‍යම මට්ටමේ සිට දරුණු මට්ටම දක්වා වර්ධනය වන මානසික අවපීඩන තත්ත්වය

ඔබට ඇත්තේ මධ්‍යම මට්ටමේ සිට දරුණු මට්ටම දක්වා වර්ධනය වන මානසික අවපීඩන තත්ත්වයක් නම්, පහත ප්‍රතිකාර ඔබට නිර්දේශ කරනු ඇත. විෂාදනාශක ඖෂධ (antidepressants) -විෂාදනාශක ඖෂධ යනු මානසික අවපීඩන තත්වයේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමට ලබා දෙන බෙහෙත් පෙති වේ. විශාද නාශක ඖෂධ වර්ග තිහකට වඩා ඇත. සාමාන්‍යයෙන් මධ්‍යම හෝ දරුණු මානසික අවපීඩන තත්ත්වය සඳහා විෂාදනාශක ඖෂධ ලබා දෙන අතර ඒවා වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබා ගත යුතුය. සංයුක්ත ප්‍රතිකාර - ඔබගේ මානසික අවපීඩන තත්ත්වය තරමක් දරුණු නම් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට විශාද නාශක ඖෂධ වට්ටෝරුවක් සමග කථන ප්‍රතිකාර ද නිර්දේශ කරනු ඇත. විෂාදනාශක ඖෂධ සහ සංජානන චර්යා ප්‍රතිකාර සංයුක්තව ලබාදීම සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාර එකක් පමණක් ලබා දීම ට වඩා ප්‍රතිඵලදායක වේ. මානසික සෞඛ්‍ය කණ්ඩායම් -ඔබට දරුණු මට්ටමේ මානසික අවපීඩන තත්ත්වයක් ඇත්නම් ඔබව, මනෝ විද්‍යාඥවරු, මනෝ චිකිත්සක වරු, විශේෂඥ හෙදියන් සහ වෘත්තීමය චිකිත්සකවරුන් ගෙන් සැදුම්ලත් මානසික සෞඛ්‍යය කණ්ඩායමක් වෙත යොමු කරවනු ඇත. මෙම කණ්ඩායම් මගින් ඔබට විශේෂඥ කථන ප්‍රතිකාර මෙන්ම නිර්දේශිත ඖෂධ ද ලබා දෙනු ඇත. එම විවිධ ප්‍රතිකාර සම්බන්ධයෙන් තව දුරටත් විස්තර පහතින් කියවන්න.

කථන ප්‍රතිකාර

සංජානන චර්යා ප්‍රතිකාර (cognitive behavioral therapy) -සංජානන චර්යා ප්‍රතිකාර මගින් ඔබගේ හැඟීම් සහ හැසිරීම් පිළිබඳව සහ ඒවා ඔබට බලපාන ආකාරය පිළිබඳව තේරුම් ගැනීමට ඔබට උපකාර කරනු ඇත.සංජානන චර්යා ප්‍රතිකාර මගින් හඳුනා ගන්නා පරිදි ඔබගේ අතීතයේ සිදුවීම් මගින් ඔබව දැන් සිටින තත්වයට පත්කලා වීමට පුළුවනි නමුත්,ඉන් වැඩි අවධානයක් යොමු කරන්නේ වර්තමානයේ ඔබ සිතන ඔබට හැඟෙන ඔබ හැසිරෙන ආකාරය ඔබ විසින්ම වෙනස් කරගත කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳවයි. එමඟින් ඔබට ඍණාත්මක සිතුවිලි පැරදවිය හැක්කේ කෙසේ දැයි උගන්වනු ඇත. උදාහරණයක් ලෙස බලාපොරොත්තු රහිත සිතුවිලි වලට අභියෝග කිරීමට හැකියාව ලැබෙනු ඇත. සාමාන්‍යයෙන් ඔබට කෙටි කාලීන උපදේශන සැසි පවත්වනු ඇත. සාමාන්‍යයෙන් සැසි හයක් හෝ අටක්, සති දහයක් හෝ දොලහක් පුරාවට වරකට එක බැගින්, සංජානන චර්යා ප්‍රතිකාර පිළිබඳව පුහුණුව ලත් උපදේශක වරයෙකු විසින් පවත්වනු ඇත. සමහර අවස්ථාවලදී, ඔබට කණ්ඩායම් සංජානන චර්යා ප්‍රතිකාර ලබා දෙනු ඇත. අන්තර් පුද්ගල චිකිත්සාව (interpersonal therapy)-අන්තර්පුද්ගල චිකිත්සාව මගින් අන් අය සමග ඔබගේ ඇති සබඳතා සහ එම සබඳතා වලදී ඔබට ඇතිවිය හැකි, සන්නිවේදන ගැටළු හෝ වියෝවීම් දරාගැනීම වැනි ගැටලු පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. අන්තර් පුද්ගල චිකිත්සාව විෂාදනාශක ඖෂධ සහ සංජානන චර්යා ප්‍රතිකාර තරම්ම ප්‍රතිඵලදායක විය හැකි බවට ඇතැම් සාධක ඇති නමුත් තවදුරටත් ඒ පිළිබඳ ව පර්යේෂණ කිරීම අවශ්‍ය ය. මනෝ ගතික මනෝ චිකිත්සාව (Psychodynamic psychotherapy)-මනෝ ගතික(මනෝවිශ්ලේෂණ) මනෝ චිකිත්සාවේ දී මනෝ විශ්ලේෂණ චිකිත්සකවරයෙකු විසින් ඔබගේ මනස තුළ ඇති වෙන සියලු හැඟීම් ප්‍රකාශ කිරීමට ඔබව දිරිමත් කරනු ඇත. මෙමගින්, ඔබගේ ගැටළු වලට මූලික විය හැකි, ඔබ කරන කියන දේවල් වල ඇති සැඟවුණු අර්ථයන් සහ සැඟවුණු රටාවන් පිළිබඳව දැනුවත් වීමට ඔබට උපකාරයක් ලැබෙනු ඇත. උප දේශන සේවා -උපදේශන සේවා යනු ඔබ ඔබගේ ජීවිතය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳව සිතා එම ගැටලු වලට මුහුණදීමට හැකි නව ආකාරයන් සොයාගැනීමට ඔබට උපකාර කරන චිකිත්සා වර්ගයකි. උපදේශකවරුන් විසින් ඔබගේ ගැටළු වලට පිළිතුරු සොයා ගැනීමට ඔබට උපකාර කරනු ඇත. නමුත් ඔවුන් ඔබට කළ යුත්තේ කුමක්දැයි නො පවසනු ඇත. සාමාන්‍යයෙන් නිරෝගී සමහර පුද්ගලයන්ට, කේන්තිය, සබඳතා ගැටළු, වියෝ දුක, දරුවන් නො ලැබීම, දරුණු රෝගී තත්ත්ව වැනි ඇතැම් අර්බුදකාරී අවස්ථාවල දී උපකාර අවශ්‍ය වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

විෂාදනාශක ඖෂධ (antidepressants)

විෂාදනාශක ඖෂධ යනු මානසික අවපීඩන තත්ත්වයේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදෙන ඖෂධ වේ. විෂාදනාශක ඖෂධ වර්ග තිහකට වඩා ඇත. දැඩි හෝ මධ්‍යම මානසික අවපීඩන තත්ත්වයෙන් පෙළෙන බොහෝ දෙනාට විෂාදනාශක ඖෂධ මගින් ප්‍රතිඵල ලැබෙන නමුත් සියලු දෙනාට එසේ නො ලැබේ. එක් විෂාදනාශක ඖෂධ වර්ගයක් ඔබට ප්‍රතිඵල දායක වන විට තවත් වර්ගයක් එසේ නොවිය හැකිය. එසේම ඔබට ප්‍රතිඵල දායක වන ප්‍රතිකාරය තෝරා ගැනීම සඳහා ප්‍රතිකාර දෙකක් හෝ ඊට වැඩි ගණනක් උත්සාහ කර බැලීමට ඔබට සිදු වනු ඇත. එසේම විවිධ වර්ග වර්ග වල විෂාදනාශක ඖෂධ එකිනෙක සමග අන්තර් ක්‍රියා කල හැකිය. නමුත් අතුරු ප්‍රතිඵල, විවිධ ප්‍රතිකාර ක්‍රම මත මෙන්ම එක් එක් පුද්ගලයා මත ද වෙනස් වේ. ඔබ විෂාදනාශක ඖෂධ භාවිතය ආරම්භ කළ විට, සෑම සතියකට හෝ දෙකකට වරක් සති හතරක් පුරාවට ඔබගේ වෛද්‍යවරයා හෝ විශේෂඥ හෙදිය හමු වී එම ඖෂධ කොතරම් දුරකට ප්‍රතිඵලදායක දැයි පරීක්ෂා කරවා ගත යුතුය.එම ඖෂධ ප්‍රතිඵලදායක නම්, ඔබගේ රෝග ලක්ෂණ අඩු වීමෙන් පසුවද අඩුම තරමින් මාස හතරක් හෝ හයක් යනතුරු, නියමිත මාත්‍රාවෙන් එක දිගට ඔබට එම ඖෂධ ගැනීමට සිදුවේ. මීට පෙරද ඔබට මානසික අවපීඩන තත්වයන් ඇති වී තිබෙනවා නම්, අඛණ්ඩව වසර පහක් හෝ ඊට වැඩි කාලයක් පුරාවට ඔබට විෂාදනාශක ඖෂධ ලබාගැනීමට සිදුවිය හැකිය. විෂාදනාශක ඖෂධ ඇබ්බැහිවනසුලු නොවේ. නමුත් ඔබ එක්වරම ඒවා ගැනීම නැවැත්තුවොත් හෝ ඔබ එක් බෙහෙත් වේලක් මග හැරිය හොත් ඔබට යම් රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. (සිලෙක්ටිව් සෙරෝටොනින් රිඅප්ටේක් ඉන්හිබිටර්ස් Selective serotonin reuptake inhibitors -SSRIs) ඔබට විෂාදනාශක ඖෂධ ප්‍රතිඵලදායක බවට ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කළහොත් SSRI යනුවෙන් හඳුන්වන නූතන විෂාදනාශක ඖෂධ වර්ගයක් ඔබට නිර්දේශ කරනු ඇත. බහුලව භාවිතා කරන SSRI විෂාදනාශක ඖෂධ ලෙස පැරෝක්සටින් (සෙරෝක්සැට්) paroxetine(Seroxat), ෆ්ලුඔක්සටින් (ප්‍රෝසැක් )fluoxetine (Prozac), සහ සිටලොප්රැම් (සිප්‍රමිල් ) citalopram (Cipramil) දැක්විය හැකි ය. ඒවා මගින් ඔබගේ මොළය තුල සාමාන්‍යයෙන් පවතින සෙ රටොනින්(serotonin) නම් රසායන ද්‍රව්‍යයේ මට්ටම ඉහළ දැමීමට උපකාර වන අතර, එම රසායන ද්‍රව්‍යය යහපත් මානසික තත්ත්වයක් සඳහා අවශ්‍ය බව සලකනු ලබයි. SSRI විෂාදනාශක ඖෂධ පැරණි විෂාදනාශක ඖෂධ මෙන්ම හොඳින් වැඩ කරන අතර ඒවායේ අතුරු ප්‍රතිඵල අවම වේ. එනමුත් එම ඖෂධ මගින් ඔබට වමනය, හිසේ කැක්කුම, තොල කට වියලී යාම සහ ලිංගික සංසර්ගයේදී ගැටළු ඇති කළ හැකිය. නමුත් සාමාන්‍යයෙන් මෙම අතුරු ප්‍රතිඵල කාලයත් සමග නැති වී යයි. සමහර SSRI විෂාදනාශක ඖෂධ කුඩා දරුවන්ට සහ වයස අවුරුදු 18ට අඩු තරුණ අයට සුදුසු නොවේ. අවුරුදු 18ට අඩු පුද්ගලයන් විසින් එම මේ විෂාදනාශක ඖෂධ ලබාගත හොත් තමාට හානි කරගැනීමේ හෝ දිවිනසාගැනීමේ අවදානම වැඩිවිය හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. වයස අවුරුදු 18 ට අඩු අයට ලබා දිය හැකි එකම SSRI විෂාදනාශක ඖෂධ වර්ගය ෆ්ලුඔක්සටින් (Fluoxetine) වන අතර එය ද ලබාදිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ලබා ලබා ගැනීමට නිර්දේශ කළ විට පමණි. වොර්ටිඔක්ස්සැටින් (බ්‍රින්ටලික්ස් හෝ ලන්බෙක්) Vortioxetine (Brintellix/Lundbeck) යනු අධික මානසික අවපීඩන තත්ත්වයෙන් පෙලෙන වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීම සඳහා, National Institute for Health and Care Excellence (NICE) මගින් නිර්දේශ කර ඇති SSRI විෂාදනාශක ඖෂධ වර්ගයකි. වොර්ටිඔක්ස්සැටින් (Vortioxetine) ඖෂධය හා සම්බන්ධ සුලබ අතුරු ප්‍රතිඵල වලට, විකාර සිහින පෙනීම, මල බද්ධය, බඩ බුරුලට යාම, කරකැවිල්ල, කැසීම ඔක්කාරය සහ වමනය ඇතුලත් වේ. ට්‍ට්‍රිසයිලික් ඇන්ටිඩිප්‍රසන්ට් (Tricyclic antidepressants (TCAs) යනු මධ්‍යම සිට දැඩි මානසික අවපීඩන තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා විෂාදනාශක ඖෂධ වර්ගයකි. ඉමිප්‍රමින් (ඉමිප්‍රමිල් )(Imipramine) (Imipramil) සහ ඇමිට්‍රිප්ටිලින් ( amitriptyline) ද ඇතුලත් TCA විශාදනාශක ඖෂධ SSRI විශාදනාශක ඖෂධ වලට වඩා වැඩි කාලයක් භාවිතයේ පැවතිණි. ඔබගේ මොළය තුළ සෙරෝටොනින් (Serotonin) සහ නොරැඩ්‍රිනලින් (noradrenalin)යන රසායන ද්‍රව්‍යයන්ගේ මට්ටම ඉහළ නැංවීම මගින් එම ඖෂධ ක්‍රියා කරයි. මෙම ඖෂධ දෙකම ඔබගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට උපකාර වේ. මෙම ඖෂධ සාමාන්‍යයෙන් ආරක්ෂිත, නමුත් මෙම ඖෂධ භාවිතා කරන අතර ගංජා භාවිතා කිරීම අහිතකරය. මක් නිසාද යත් එම දෙකම මගින් ඔබගේ හෘද ස්පන්දන වේගය වැඩි කරවන බැවිනි. TCA විශාදනාශක ඖෂධ වල අතුරු ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. ඒවාට තොල කට වේලීම, දෘෂ්ටි අපහසුතා, මල බද්ධය, මුත්‍රා පිට කිරීමේ අපහසුව, දහඩිය දැමීම, කරකැවිල්ල, අධික ක්ලාන්තය වැනි ලක්ෂණ අයත් විය හැකි ය. ඔබගේ ශරීරය ඖෂධ වලට හුරු වන නිසා, මෙම අතුරු ප්‍රතිඵල සාමාන්‍යයෙන් දින දහයක් පමණ ඇතුළත අඩු වී යයි. අනෙකුත් විෂාදනාශක ඖෂධ-වෙන්ලර්ෆැක්සින් (ඉෆෙක්සර්) venlafaxine(Efexor), ඩියුලොසෙටින් සිම්බල්ටා හෝ යෙන්ට්‍රිව් duloxetine (cymbalta or yentreve) සහ මිටර්සපින් (සිස්පින් සෝල්ටැබ්) mirtazapine (Zispin Soltab) වැනි නව විෂාදනාශක ඖෂධ SSRI සහ TCA විශාද නාශක ඖෂධවලට වඩා තරමක් වෙනස් ආකාරයකට ක්‍රියා කරයි. වෙන්ලාෆැක්සින් සහ ඩියුලොසෙටින් (duloxetine) යන ඖෂධ සෙරෝටොනින් නොරැඩ්‍රිනලින් රිඅප්ටේක් වලක්වන ඖෂධ (serotonin- noradrenaline reuptake inhibitors) (SNRIs) ලෙස හැඳින්වෙයි. TCA විෂාදනාශක ඖෂධ ලෙස ම ඒවා මගින් ඔබගේ මොළය තුළ සෙරටොනීන් සහ නොරැඩ්‍රිනලින් යන රසායන ද්‍රව්‍ය වල ප්‍රමාන වෙනස් කරයි. SNRI විෂාදනාශක ඖෂධ, SSRI විෂාදනාශක ඖෂධ වලට වඩා ප්‍රතිඵල දායක විය හැකි බවට පර්යේෂණ මගින් පෙන්වා දී ඇති නමුත් ඒවා සාමාන්‍ය භාවිතයේදී නිර්දේශ නොකරන්නේ එම ඖෂධ මගින් ඔබගේ රුධිර පීඩනය ඉහළ නැංවිය හැකි බැවිනි. අත්හැරීමේ රෝග ලක්ෂණ/ Withdrawal Symptoms- විෂාදනාශක ඖෂධ සාමාන්‍යයෙන් දුම්වැටි සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙන් ඇබ්බැහි වන සුළු නැති නමුත් ඔබ එම ඖෂධ භාවිතය නැවැත්වූ විට ඔබට සමහර අත්හැරීමේ රෝග ලක්ෂණ ඇතිවිය හැකි ය. ඒවා ට:

  • උදරයේ අපහසුතා
  • හෙම්බිරිස්සා උණ වැනි රෝග ලක්ෂණ
  • කාන්සාව
  • ක්ලාන්ත ගතිය
  • රාත්‍රියට විචිත්‍ර සිහින පෙනීම
  • ශරීරයට විද්‍යුත් කම්පනයක් වැදුනාක් මෙන් දැනීම් ඇති වීම

බොහෝ අවස්ථා වලදී මේවා සුළු මට්ටමේ වන අතර සතියකට දෙකකට වඩා වැඩි කාලයක් නො පවතී. නමුත් කලාතුරකින් මේවා තරමක් දරුණු ආකාරයේ විය හැකිය. පැරෝසෙටින් (සෙරෝසැට් )(Paroxetine (Seroxat) සහ වෙන්ලාෆැක්සින්(එෆෙක්සර්) Venlafaxine(Efexor) යන විෂාදනාශක ඖෂධ සමග මේවා වැඩිපුර ඇතිවන බව පෙනේ. අත්හැරීමේ රෝග ලක්ෂණ විශාදනාශක ඖෂධ භාවිතය නැවැත් වූ වහාම ඇතිවන නිසා ඒවා විෂාදය නැවත ඇති වීමේ රෝග ලක්ෂණ වලින් වෙන් කර හඳුනා ගත හැකිය. මන්ද ඒවා ඇති වන්නේ සති කිහිපයකට පමණ පසුවය.

අනෙකුත් ප්‍රතිකාර

මානසික ඒකාග්‍රතාව-වර්තමාන අවස්ථාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම සහ ඔබගේ සිතුවිලි, හැඟීම්, සංවේදන, ඔබ අවට ලෝකය කෙරෙහි අවධානය යොමු කිරීම, ඔබගේ මානසික සුභ සිද්ධිය උදෙසා යොදා ගැනීම මානසික ඒකාග්‍රතාවයට අයත් වේ. මෙහි අරමුණ ඔබගේ ශරීරය සහ මනස පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ගොඩ නැගීම සහ, වැඩි පිළිගැනීමක් සහ අඩු කාංසාවක් සහිතව ජීවත් වන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමයි. අතීතයේ මානසික අවපීඩනයට පත් වීමේ අවස්ථා තුනක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන පුද්ගලයන් හට නැවත මානසික අවපීඩන තත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා NICE මගින් මානසික ඒකාග්‍රතාවය නිර්දේශ කර ඇත. මොලය උද්දීපනය -අනෙකුත් ප්‍රතිකාර ක්‍රම සඳහා ප්‍රතිචාර නොදැක්වූ දැඩි මානසික අවපීඩන තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මොළය උද්දීපනය කිරීම සමහර අවස්ථා වලදී භාවිතා කරයි. මානසික අවපීඩන තත්ත්වයේ රෝගී ලක්ෂණ අවම කිරීම සඳහා, විද්‍යුත් චුම්බක තරංග යොදා ගෙන මොළයේ සමහර ප්‍රදේශ උද්දීපනය කිරීම සිදුකල හැකිය. මානසික අවපීඩන තත්ත්වයට ප්‍රතිකාර ලෙස යොදා ගත හැකි විවිධ වර්ගයේ මොලය උද්දීපනය කිරීමේ ක්‍රම විශාල ප්‍රමාණයක් ඇත. ඒවාට,ට්‍රාන්ස්ක්‍රනියල් ඩිරෙක්ට් කරෙන්ට් ස්ටිමියුලේෂන් (transcranial direct current stimulation (tDCS)),රෙපටිටිව් ට්‍රාන්ස්ක්‍රනියල් මැග්නටික් ස්ටිමියුලේෂන් (repetitive transcranial magnetic stimulation (rTMS)) සහ ඉලෙක්ට්‍රෝ කොන්වල්සිව් තෙරපි (electroconvulsive therapy (ECT)) අයත් වේ.

ලිතියම් (Lithium )-ඔබ විවිධ වර්ගයේ විෂාදනාශක ඖෂධ වර්ග භාවිතා කර ඇත්නම් සහ ඒවායෙන් ඔබට සහනයක් නැත්නම් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබ ගේ වර්තමාන ප්‍රතිකාර වලට ලිතියම් නම් ඖෂධ වර්ගය ද ඇතුළත් කරනු ඇත. ලිතියම් කාර්බෝනේට් (Lithium carbonate )සහ ලිතියම් සිට්ට්‍රේට් (lithium citrate )ලෙස මේවා වර්ග දෙකක් ඇත. මෙම වර්ග දෙක ම සාමාන්‍යයෙන් ප්‍රතිඵලදායක වේ. නමුත් ඔබ ඔබට ප්‍රතිඵල දායක වන එක් වර්ගයක් භාවිතා කරන්නේ කරන්නේ නම් එය වෙනස් නොකිරීම සුදුසු වේ. ඔබගේ රුධිරය තුළ ලිතියම් මට්ටම අනවශ්‍ය ලෙස ඉහළ ගියහොත් එය විෂ සහිත විය හැකි ය. එම නිසා ඔබ ඖෂධ ගන්නා අතරතුර සෑම මාස 3කටම වරක් රුධිර පරීක්ෂාවක් සිදු කර ඔබගේ රුධිරයේ lithium මට්ටම පරික්ෂා කර ගැනීම අවශ්‍ය වේ. එසේම ඔබට අඩු ලුණු ප්‍රමාණයක් සහිත ආහාර ගැනීමෙන් වැළකීමට සිදුවෙයි. මන්ද එමගින් ලිතියම් විෂ වීම සිදුවිය හැකි බැවිනි. ඔබගේ ආහාර වේල් පිළිබඳව උපදෙස් ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසන්න.